ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වෙනුවෙන් හම්බන්තොට සිරිබෝපුර පැවැති ජනහමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවෙකු හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ජනහමුව සඳහා නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ සහභාගි වීමට නියමිතව තිබුණු අතර සිද්ධිය සැලවීම සමග ඔවුන් සහභාගි වීම අත්හිටුවා තිබෙනවා.
කෙසේ වෙතත් සිද්ධියෙන් තුවාල ලැබූ දරුවාගේ සුව දුක් විමසීමට ශිරන්ති රාජපක්ෂ රෝහල වෙත ගොස් තිබුණා.