සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙනව ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වුණේ එහි පූර්ණ ගෞරවය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි කර දෙමින්.
දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඬුලු 03ක් දැවී ලකුණු 306ක් ලබා සිටියා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් සිය 16 වන ටෙස්ට් ශතකය වාර්තා කළා. දැවී යන විට ඔහු ලකුණු 116ක් ලබා සිටියා.
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 78යි.
කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 51ක් ලබා සිටි අතර ඔහු ඉතිහාසයට එක් වුණේ තමන් ක්‍රීඩා කළ පළමු ජාත්‍යන්තර තරඟ 8දිම අර්ධ ශතකය අභිබවා ගිය පළමු ක්‍රීඩකයා වෙමින්.
පන්දු යැවීමේදී ග්ලේන් ෆිලිප්ස් සහ ටිම් සවුදි එක් කඬුල්ල බැගින් ලබා ගත්තා.