බුදු සසුනේ භික්ෂුණී ශාසනය පිහිටුවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.
සියලු ශ්රී ලාංකික බෞද්ධයන්ට මෙම පොහොය වැදගත් වන්නේ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරමින් ගිරිහඩු සෑය ඉදි කළ පොහොය දින වීමත් බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහසෑයේ ඉදිකිරීම් ඇරඹීමත් නිසායි.
බිනර පොහොය දිනයේ රටපුරා බෞද්ධ සිද්ධස්ථානවල ආමිස සහ ප්රතිපත්ති පූජා පැවැත්වෙනවා.