2024 ජනපතිවරණ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබෙනවා.
දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විශාල ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටිනවා.
දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව අනුර දිසානායක ඡන්ද 624982ක් (51.99%) ලබා ගෙන පෙරමුණේ සිටින අතර සජිත් ප්‍රේමදාස 278837 (23.19%) ක් ද රනිල් වික්‍රමසිංහ 212252 (17.65%) ක්ද ලබා ගෙන තිබෙනවා.
අද උදෑසන 6න් අවසන් වීමට නියමිතව තිබු ඇඳිරි නීතිය දහවල් 12 දක්වා දීර්ඝ කර ඇති අතර ප්‍රභූන් පිරිසක් රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දැඩි ආරක්ෂාවක් සපයා ඇති අතර එජාප මහලේකම් රංගේ බණ්ඩාර, හිටපු ඇමැති සුසන්ත පුංචි නිලමේ, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, නාමල් රාජපක්ෂ බිරිඳ සහ මාමණ්ඩිය ඇතුළු පිරිස මෙසේ මෙරටින් පිටව ගොස් තිබෙනවා.