ප්‍රකට රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්න, රංගන ශිල්පී සේනක විජේසිංහ ඇතුළු කලාකරුවන් පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළ කර තිබෙනවා.
ආර්ථික අර්බුදයෙන් රට තවම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්ව නැතත් රට යළි කඩා වැටීමකට ඉඩ දෙනවාදැයි සැප්තැම්බර් 21 දා තීරණය කළ යුතු බව රොජර් එහිදී කියා සිටියා.
පසුගිය කාලයේ කඩා වැටීමට ලක්ව තිබූ කලා ක්ෂේත්රය යළි යථා තත්ත්වයට ගොඩ නැගෙමින් පැවතීම ගැනද ඔවුන් ජනපතිවරයාට ස්තූතිය පළ කරනු ලැබුවා.
ගායන ශිල්පී රජීව් සෙබස්තියන් කියා සිටියේ රනිල් මේ මොහොතේ රටෙන් කිසිවක් නොඉල්ලුවත් රටට රනිල් අවශ්‍ය බවයි.