ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අගෝස්තු මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ නම් කර ඇති අතර අගෝස්තු මාසයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම නම් කර තිබෙනවා.
දුනිත් වෙල්ලාලගේ ඉන්දීය සංචාරයේදී දක්වන ලද තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් මෙම සම්මානය හිමි කර ගත්තා.
ඔහු සමඟ දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ජේඩන් සීල්ස් මේ සඳහා නිර්දේශ වී තිබුණා.
අගෝස්තු මස ක්‍රීඩිකාවට හිමි සම්මානය හර්ෂිතා සමරවික්‍රමට හිමි වූයේ ඇය අයර්ලන්ත සංචාරයේදී පිත්තෙන් දක්වන ලද දක්ෂතා නිසා.
ඇය සමඟ නිර්දේශ වී සිටි සෙසු ක්‍රීඩිකාවන් වන්නේ අයර්ලන්ත ක්‍රීඩිකාවන් දෙපළක් වන ඕර්ලා ප්රෙන්ඩෙග්රාස්ට් සහ ගැබී ලුවිස්.
ICC මාසයේ ක්‍රීඩිකාව තෝරා ගත් අවසාන අවස්ථා 4න් අවස්ථා 3කදීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම සම්මානය දිනාගැනීම විශේෂත්වයක්.
මැයි සහ ජූලි මාස වලදී එම සම්මානය දිනා ගනු ලැබුවේ චමරි අතපත්තු විසින්.