රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා පොලිසියෙන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම දේපළ සහ වාහන පිළිබඳව දැනුම් දිය හැකියි.
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ එලෙස නිවැරදි තොරතුරු දන්වන පුද්ගලයින්ට පොලිසියෙන් ත්‍යාගයක් ලබාදෙන බවයි.
එමෙන්ම එලෙස තොරතුරු සපයන්නාගේ රහස්‍යභාවය ද ආරක්‍ෂා කෙරෙන බව වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළා.