දේශපාලන වේදිකාවේ කතා කරද්දී ජනපති රනිල් වික්‍රමසිංහ විසින් නිරන්තරයෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක “මා මිත්‍ර අනුර” ලෙස ඇමතීම කතා බහට ලක් වුණා.
මේ සම්බන්ධයෙන් සතිඅන්ත ජාති පුවත්පතක් ජනපතිවරයාගෙන් විමසා තිබෙනවා.
- ඔබ අනුර දිසානායකට “මා මිත්‍ර අනුර” යනුවෙන් ආමන්ත්‍රණය කරනවා. ඇත්තටම අනුර යාළුවෙක් ද?
යාළුවෙක් තමයි. පාර්ලිමේන්තුවේදී කතා කරනකොට හැම තිස්සේ ම කියන්නේ My good friend කියලා. මගේ මිත්‍රයා කියලායි. මං හිතන්නේ මධ්‍යම කාරක සභාවේ ඒ ගැන ලොකු ප්‍රශ්නයක් ගිහින් තිබුණා. දැන් කියන්නේ හිටපු කෘෂිකර්ම ඇමැති කියලා. දැන් ඒක කියන්නත් එපා කියනවා. කෘෂිකර්ම ඇමැති කිව්වොත් එයත් ආණ්ඩුවේ කොටසක් වෙලා හිටියා කියලා පේනවනේ. දැන් මොකක්ද කියන්නෙ?