Sat. Jun 28th, 2025

හිටිවන කවි මඩු බෑ – විවාදයකට එන්නැයි අනුරගෙන් රනිල්ට ආරාධනාවක්!

රනිල් වික්‍රමසිංහ තමාගෙන් ප්‍රශ්න කළ සියලු කරුණු සඳහා පිළිතුරු ලබා දීමට තමන් සූදානම් බව ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ (09) ආණමඩුවේ පැවැති ජනහමුවකදී ඔහු පැවසුවේ අවශ්‍ය නම් ඒ සඳහා විවෘත සංවාදයක් පැවැත්වීමට හැකි බවයි.

හැම තැනම මගේ යාළුවා, මා මිත්‍ර අනුර කියමින් යන්නේ ෂේප් වීමට බවත්, තමන් ඒවාට අසු නොවන බවත් පවසන ජාජබ නායකයා හිටිවන කවිමඩුවල මෙන් වේදිකාවෙන් වේදිකාවට බැරෑරුම් ප්‍රශ්නවලට උත්තර දිය නොහැකි බැවින් ඉතා හොඳ විවෘත සංවාදයක් සඳහා යෝජනාවක් කරනු ලැබුවා.

එයා වැලිමඩ අහනවා මම ආණමඩුවේ උත්තර දෙනවා එහෙම වැඩක් තියනවාද? අපි එක තැන වාඩි වෙලා ඔයා අහන්න මම කියන්නම් මම අහන්නම් ඔයා කියන්න අන්න එහෙම විවාදයක් කරමු.

යනුවෙන් තවදුරටත් ඔහු පවසා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *