2024 ජනපතිවරණයේදී ඡන්දය සලකුණු කරන අවස්ථාවට ජංගම දුරකතන රැගෙන යෑම තහනම් කර තිබෙනවා. මෙය ඡන්ද දායකයන්ට මෙන්ම ඡන්ද අපේක්ෂයන්ටත් වලංගු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසන්නේ.
අපේක්ෂකයන් ඡන්දය සලකුණු කරද්දී ඡායරූප සහ වීඩියෝගත කිරීමට අවසර තිබුණද ඒවා ප්රචාරය කිරීමට අවසර දෙන්නේද සවස 4න් පසුව පමණක් බවයි සභාපතිවරයා කියා සිටියේ.
පසුගිය දිනවල පැවැති තැපැල් ඡන්දය සලකුණු කිරීමේදී ජංගම දුරකතන ගෙනයෑමට අවසර දුන් නිසා විවිධ ප්රශ්න පැන නැගුණ බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා. ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව ඡායාරූප ගැනීම නොව තමන් ඡන්දය ලබා දුන්නේ කාටදැයි හෙළි කිරීම පවා නීතිවිරෝධී බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.