2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම ගත් තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහය පළ කරන බවත් ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් බව ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටින බවත් ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා.
වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අර්ථ නිරූපණය කරන ලෙස ඉල්ලා ව්‍යාපාරික චමින්ද්‍ර දයාන් ලේනව මහතා විසින් බදාදා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළා.
ඒ අනුව චමින්ද්‍ර දයාන් ලෙනව මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අයදුම්පත ගොනු කිරීමට පෙර ජනාධිපතිවරයාගෙන් හෝ ඔහුගේ නීතීඥයන්ගෙන් උපදෙස් ලබාගෙන නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.
චමින්ද්‍ර දයාන් ලේනව මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ ඒ අනුව ජනාධිපති ධුර කාලය වසර 6ක් බව සැලකිල්ලට ගෙන මැතිවරණ කොමිසම මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි.
මෙම අයදුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්චය කරන තුරු 2024 ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා තිබුණා.