2024 වසරේ ගත වූ මාස 7ක කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් මෙරට ජීවිත 1417ක් අහිමි වී තිබෙනවා.
රථවාහන කොට්ඨාසය භාර නි. පොලිස්පති ඉන්දික හපුගොඩ පැවසුවේ යතුරුපැදි අනතුරුවලින් පමණක් වාර්ෂිකව පුද්ගලයන් 1000ක් මිය යන බවයි.
මහමගදී වසරකට 3000ක් පමණ අනතුරු සිදුවන බවත් එම අනතුරුවලට ලක්වන අයගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.
දිනකට රිය අනතුරුවලින් මිය යන ගණන 6-7 ක් පමණ ප්‍රමාණයක් බව සංඛ්‍යාලේඛන අනුව පෙනී යනවා. මෙය බරපතළ තත්වයක් බවයි වගකිවයුතු අංශ පවසන්නේ.