පසුගිය කාලය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාව බලවත් ලෙස විවේචනය කළ ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක නිල වශයෙන් පක්ෂ මාරු නොකළද පසුගිය කාලයේ සිටියේ ආණ්ඩුව සමඟ බව උදය ප්‍රභාත් ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසනවා.
අන්තිම මොහොත දක්වා ආණ්ඩුවෙන් ප්‍රයෝජන අරගෙන සජිත්ට සහය පළ කලේ ප්‍රතිපත්තියක් ලැජ්ජාවක් යන දෙකම නැති කරගෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත් කාලයක් පුරා ගම්මන්පිල-පාඨලී සුසංයෝග දේශපාලනයක් මෙරට පැවතුණා.