ජනපතිවරණයේ අවසන් රැළි පැවැත්වීම සඳහා ජනපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර අර්බුදයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වෙනවා.
මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ජනපතිවරයාත්, ටවර් රඟහල ඉදිරිපිට සජබ නායකයාත් ඉල්ලා සිටීම මෙයට හේතුවයි. මෙම ස්ථාන දෙක ඉතා සමීප ස්ථාන දෙකක් වෙනවා. එබැවින් මෙම ස්ථාන දෙක ලබා දීම දෙපාර්ශ්වයට ම පොලිසිය අවසර ලබා දී නැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම ස්ථාන ලබා ගැනීම සජිත් ප්‍රේමදාස විසින් ජුලි 29 ලිපියකින් ඉල්ලා ඇති බවත්, ජනපතිවරයාගේ ඉල්ලීම කර ඇත්තේ අගෝස්තු 17 බවත් පොලිසිය ජනපතිවරයාට පක්ෂපාතී තීරණයක් ගෙන ඇති බවත් සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කරනවා.