Sat. Jun 28th, 2025

පොහොට්ටුවේ පලුවක් මල්පාරේ පිපෙයි

Jul30,2024 #breaking news

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී තිබෙනවා.

ඔවුන් එහිදී තීරණය කර ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමටයි.

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අද පස්වරුවේ රැස්වූ එහි දේශපාලන මණ්ඩලයේදී ගත් තීරණයට පිරිසක් විරුද්ධ වී තිබුණා.

එලෙස විරුද්ධ වූ මැති ඇමතිවරුන් ඇතුළු පිරිස කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ දේශපාලන කාර්යාලයට රැස්වී සාකච්ඡාවක නිරත වුණා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙනි.

මේ සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන දිලුම් අමුණුගම, අනුප පස්කුවල්, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, ප්‍රේම්නාත් සී දොළවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු 40කට අධිත පිරිසක් සහභාගී වී සිටි බවයි වාර්තාවන්නේ.

ඔවුන් එහිදී තීරණය කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමටයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *