මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරිකයෙකුට කඩුවකින් පහර දී තුවාල කළ බවට සැකපිට සමගි ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තුවාලකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ එක් අතකට කඩු පහර වැදී ඇතැයි සඳහන්.
ජාජබ ක්‍රියාකාරිකයාගේ නිවසට පැමිණි සැකකරු බැණවැදී මල් පෝච්චි කිහිපයක් පොළොවේ ගසා විනාශ කර පසුව කඩුවෙන් කොටා ඇති බවයි පොලිසිය හමුවේ අනාවරණය වී ඇත්තේ.
මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.