මෙවර ජනපතිවරණය වෙනුවෙන් තරඟ බිමට පිවිස ඇති අපේක්ෂකයන් 39 දෙනාගෙන් 17 දෙනෙකුට ම විවිධ දූෂණ, වංචා සහ අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සහ සිවිල් සංවිධාන පවසනවා.
මෙම පිරිසට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ජනතාව දැනුම් දී ඇති බවත් ඒවා මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බවත් එම සංවිධාන ප්‍රකාශ කරනවා.
මෙවැනි පැමිණිලි ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා පරීක්ෂණ ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද සූදානම් බවයි පැවසෙන්නේ.