Sat. Jun 28th, 2025

හිරුණිකාගෙන් අභියාචනයක්

Jul1,2024

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබා ගැනීමේ අරමුණින් ඇයගේ නීතිඥයන් විසින් අභියාචනාකරණයට ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා

තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් එම අභියාචනය ඉදිරිපත් කර ඇති අතර පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බව සඳහන්

තමන්ට ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරින ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ ඉල්ලීම ලබන 04වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලීමට නියමිතයි..

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *