මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ග වලට පස් කදු සහ ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා පවසනවා.
එම අවදානම හේතුවෙන් හැටන් කොළඹ සහ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිස් අධිකාරිවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට මාර ගසක අතු කිහිපයක් (26) දින උදැසන කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර තිබෙනවා.