Wed. Jun 25th, 2025

සැරයන්ගේ රියදුරු බලපත් පොත ඉරලා – ටීචර් අත්අඩංගුවට

Aug2,2024

පිටකොටුව පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේ තාවකාලික රියදුරු බලපත්‍ර පොත උදුරාගෙන පිටු කීපයක් ඉරා දැමූ ගුරුවරියක් අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසනවා

පිටකොටුව පොලිසි ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්ත රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයා පිටකොටුව ටයිටස් ගොඩනැගිල්ල ඉදිරිපිට රාජකාරී යෙදී සිටියදී සිටියදී තහනම් ප්‍රදේශයක මෝටර් රථයක් නවතා තිබී ඇතැයි පොලිසිය සඳහන් කළා.

එම අවස්ථාවේදී රියදුරට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කිරීමට යාමේදී රියදුරුගේ බිරිඳ වන සැකකාර ගුරුවරිය නිලධාරියා අත තිබූ රියදුරුගේ රියදුරු බලපත්‍රය බලහත්කාරයෙන් ලබාගෙන කඩා ඉවතට විසිකර නිලධාරියට අයත් තාවකාලික රියදුරු බලපත්‍ර පොතේ පිටු කිහිපයක් ඉරා දමා ආවේගශිලීව හැසිරී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා

ඒ අනුව සැකකාරිය සාපරාදි බලහත්කාරය පෑම රාජකාරියට බාධා කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය පිළියන්දල වෑවල පාර කරදියාන පදිංචි 53 හැවිරිදි කාන්තාවක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *