Tue. Jul 1st, 2025

සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහට නොතීසි

Jul11,2024

මන්නාරම සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා උතුරට ගිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු පියතුමාට බැණ තර්ජනය කර එම සංවාදය ජනපතිවරයාගේ ප්‍රතිරූපය කෙලෙසන පරිදි සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කළේ යැයි කියන සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහට ලබන 25 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණු වෙල මහතා අද (11) නොතීසි නිකුත් කර තිබෙනවා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙසේ නොතීසි නිකුත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය ජුනි 16 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම සම්බන්ධයෙන් සැකකරු දුරකථනයෙන් බැන තර්ජනය කළේ යැයි පවසමින් මන්නාරම රදගුරුතුමා කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තොරතුරු පළ කර ඇති බව සඳහන් කළ රහස් පොලිසිය පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සැකකරුට අද දින අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා තිබුනද ඔහු පැමිණ නොමැති බැවින් වරෙන්තු නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියා

සැකකරුගේ මව අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් කරුණු විමසා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට නොතීසී නිකුත් කරමින් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *