Thu. Jun 26th, 2025

වායු සමනය කළ කාමරයෙන් හමුවූ ගංජා පැළ

Aug19,2024

මාලඹේ පිට්ටුගල කහන්තොට පාර ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගංජා වගාවක් බස්නාහිර පළාත දකුණ දිසාව භාර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (18) දහවල් වටලලා තිබෙනවා

අදාළ නිවසේ පහත මහලේ කාමරයක් වායු සමනය කර ගංජා පැළ 174කට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබූ බවයි පොලීසිය පවසන්නේ .

වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරුවෙකු කුෂ් මත්ද්‍රව්‍ය පාර්සල් කරමින් සිට තිබෙනවා .

සොයා ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දහයක් පමණ වන බවයි පොලීසිය සිටියේ .

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 සහ 48 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *