Sun. Jun 29th, 2025

ලොකු පැටීගේ මස්සිනා කොටුවෙයි

Aug7,2024

කල්බ් වසන්ත ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ ඝාතනය මෙහෙයවූ ලොකු පැටීගේ මස්සිනා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසියට භාරදී තිබෙනවා..

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේදී යි

ඔහු දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන්ට කුලී නිවසක් ලබාගැනීම හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කරදීම ඔහු විසින් සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩික්කරුවන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පළායෑමට භාවිත කළ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ මෙම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ තොරතුරු මතයි.

ඝාතනය සිදුවූ දිනට පෙර එම බස් රථය ගමන් ගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ද විමර්ශන නිලධාරීන් ට හමුවී තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *