Sat. Jun 28th, 2025

ලොකු පැටී කොටුවෙයි – කොටු වුණු කංජිපානි මුදා හරී

Aug1,2024

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයන් බව කියන කංජිපානි ඉම්රාන් , ලොකු පැටී සහ රොටුඹ අමිල ඇතුලු අපරාධකල්ලි සාමාජිකයන් 6 දෙනෙකු බෙලරූස් හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණා.

මොවුන් බෙලරූස් සිට වෙනත් රටකට පළා යාමට උත්සහ කළ අවස්ථාවේ අත්අඩංගුවට පත් වු බවයි එම වාර්තා සඳහන් කළේ.

ඔවුන් බෙලරූස් රාජ්‍යයේ දී අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරීමේදී කංජිපානි සහ රොටුඹ අමිල අදාළ ස්ථානයෙන් පැනගොස් තිබෙනවා.

පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රුසියාවේදී බවටයි දැනට තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ලොකු පැටී හැර අනෙක් සියලු දෙනා පසුව මුදා හැර ඇති බව වාර්තා වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *