Sun. Jun 29th, 2025

ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි

Aug8,2024

මෙවර ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකා අවසන් නියෝජනය සනිටුහන් කරමින් දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික වටයේ තරගය සඳහා ඊයේ (07) පස්වරුවේ සහභාගී වුණා

එහිදී ඇය මූලික වටයේ තරගවලින් 16 වැනි ස්ථානය හිමිකර ගත් අතර ඇය දැක්වූ උපරිම දක්ෂතාවය 53.66m ක්

ඒ අනුව ඇයට ඔලිම්පික් වරම් අහිමි වී ගියා.

මේ වන විට දිල්හානි ලේකම්ගේ ලෝක හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකාවන් අතුරින් 25 වැනි ස්ථානයේ පසුවෙයි.

ඔලිම්පික් පැමිණි ශ්‍රී ලංකාවේ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වූ 37 හැවිරිදි දිල්හානි ලේකම්ගේ මේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන තෙවැනි ඔලිම්පික් ක්‍රීඩිකාව ද වනවා

කෙසේ වෙතත් මීට මාස දෙකකට පෙර කොරියාවේදී පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ තෙවැනි ස්ථානය දිනාගනිමින් මීටර් 57.94ක් දුර හෙල්ල විසි කළ දිල්හානි මාස 10කට පෙර චීනයේ හැන්ග්ෂූහි පැවති ආසියානු ක්‍රීඩා උලෙළේදී මීටර් 61.57ක දක්ෂතාවකින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ ආසියානු රිදී පදක්කම දිනා ගැනීමට ද සමත් වුණා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *