තිහගොඩ පොලිස් වසමේ හක්මන – මාතර ප්රධාන මාර්ගයේ පුහුල්වැල්ල ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ අවුරුදු 54ක් වන තිහගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඊයේ (18) පස්වරුවේ හක්මන දෙස සිට මාතර දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් ත්රීරෝද රථයේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් මගියෙක් මියගොස් තිබෙනවා.
තුවාල ලැබූ ත්රීරෝද රථ රියදුරු, යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය පුහුල්වැල්ල රෝහලට ඇතුලත් කළ බව පොලීසිය පවසනවා.
අනතුර සම්බන්ධව තිහගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.