Sun. Jun 29th, 2025

රට නැවතක් බංකොළොත් නොවීමට නම් ශක්තිමත් අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් රට තුළ ඇතිකළ යුතුයි – ජනාධිපති

Jun19,2024

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේදී නිෂ්පාදන කර්මාන්ත නගා සිටුවීම අත්‍යවශ්‍ය වනබව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාට සහභාගී වෙමින්.

නිෂ්පාදන ආර්ථිකය බල ගැන්වීමේ අරමුණ ඇතිව දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා එක්ව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතන , වෙනත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරණායක ප්‍රදර්ශණ ශාලාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) උදෑසන විවෘත කෙරුණා..

ශ්‍රී ලංකාවේ සමස්ථ කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි නිෂ්පාදන අංශ 25 ම නියෝජනය කරමින් ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම දැවැන්ත ප්‍රදර්ශණය ප්‍රදර්ශණ කුටි 1307 කින් සමන්විත වේ. කර්මාන්තකරුවන් දිරි ගැන්වීම, කර්මාන්ත සඳහා නව තාක්ෂණය හදුන්වාදීම, නවෝත්පදන දිරි ගැන්වීම, වෙළඳපළ අවස්ථා උදාකර දීම මෙන්ම දේශිය හා විදේශීය ව්‍යවසායකයින්, සැපයුම්කරුවන්, ගැණුම්කරුවන් යන සියඑදෙනා ඒකරාශී කර ගැනීමට මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශණය මඟින් අවස්ථාව උදාවනු ඇත. මෙම Industry EXPO 2024 ජාත්‍යන්තර ප්‍රදර්ශණය සඳහා ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ඉන්දියාව, බංගලිදේශය, චීනය, සිංගප්පූරුව, මැලේසියාව ඇතුළු රටවල් 23 ක් නියෝජනය කරමින් ප්‍රදර්ශණ කුටි 38 ක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“වසර 2 ක් වැනි කෙටි කාලයක් තුළදී රට වැටී සිටි බංකොලොත් භාවයෙන් මිදීමට අපට හැකියාව ලැබුණා. නමුත් නැවතත් එම තත්ත්වය ඇති නොවීමට නම් ශක්තිමත් ආර්ථිකයක් අප රට තුළ ඇති කළ යුතුයි. මේ සඳහා අපගේ ආර්ථිකය තරගකාරී විය යුතු වෙනවා. අප අසල්වැසි ඉන්දියාවේ සීඝ්‍ර කර්මාන්ත දියුණුවක් ඇතිවෙමින් තිබෙනවා. අප රටද ඒ තත්ත්වයට ළඟා විය යුතුයි. ඒ සඳහා රජයක් ලෙස දැනට පවත්වාගෙන යන කර්මාන්ත සඳහා අවශ්‍ය සියළු සහාය ලබා දෙමින් සිටිනවා. එසේම ආර්ථිකයේ තරඟකාරීක්වය මෙන්ම කර්මාන්ත වලද තරගකාරීත්වයක් ඇති කිරීම වැදගත්. මේ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා. 70 දශකයේ පැවති ආකාරයට අලුතින්ම සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමටත්, අඩු පොලී අනුපාතයන් යටතේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමටත්, ආර්ථික කොමිසමක් ඇති කිරීමටත් කටයුතු කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *