Sun. Jun 29th, 2025

යුක්තියෙන් සැකකරුවන් 750ක් අත්අඩංගුවට

Aug7,2024

යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ ඊයේ (06) දිනය තුළ සිදුකෙරූ මුළු වැටලීම් 780කට අදාළව සැකකරුවන් 750ක් සහ සැකකාරියන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 22ක් වැඩිදුර විමර්ශනය සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත අතර සැකකරුවන් 03 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට ද, තිදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට නියමිත බවද සඳහන්.

මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත තුළ වැටලීම් 503ක් ද දකුණු පළාත තුළ වැටලීම් 62ක්ද සිදුකළ බව පොලීසිය සඳහන් කළා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *