Sat. Jun 28th, 2025

බස් රථ අනතුරකින් 7 දෙනෙකුට බරපතළ තුවාල

Aug30,2024

බස් රථ අනතුරකින් 7 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල මාරපොල්ලිය පාලම උඩ දී අද (30) අළුයම 4ට පමණ මෙම අනතුර සිදුවුණා.

හම්බන්තොට සිට කොළඹ බලා ධාවන වු මෙම බස් රථයේ රියදුරුට අධික වේගය පාලනය කරගත නොහැකිව පාලමේ කොටසක් කඩාගෙන ගොස් එහි හිරවී තිබෙනවා.

බසයේ ඉදිරිපස වම් කොටස කඩාගෙන ඇලට වැටීමත් සමග එහි සිටි මගීන් 5 දෙනෙකු වතුරට වැටී තිබුණා.

ප්‍රදේශවාසීන් ඔවුන් ගොඩට ගෙන රෝහල් ගත කළා. පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පැමිණ බස් රථයේ ඇළට වැටුණු කොටස ගොඩ ගත්තා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *