Sat. Jun 28th, 2025

පෙම්වතිය බලන්න ගිය තරුණයාව කඩුවකින් කපලා – සල්ලි කොල්ල කාලා

Jul30,2024

කිළිනොච්චියේ සිට යාපනයේ සිය පෙම්වතිය බැලීමට ගිය තරුණයෙකුව කඩුවකින් කපා ඔහු සතුව තිබූ මුදල් හා ස්වර්ණාභරණද ජංගම දුරකතනය ද ඊයේ ( 29 ) කොල්ල කා තිබෙනවා.

කිළිනොච්චියේ සිට යාපනයට ගොස් එතැන් සිට මොහු උරුම්පිරායි ප්‍රදේශය දක්වා ත්‍රී රෝද රථයකින් ගොස් ඇති අතර
එසේ යන අතරවාරයේ එම ත්‍රීරෝද රථය තවත් ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මාර්ගය හරස් කොට නතර කිරීමෙන් පසුව මෙම මංකොල්ල කෑම සිදු කොට ඇති බවයි වාර්තා වුණේ.

කඩුවලින් කැපීම හා පහර දීම නිසා එම තරුණයා සිහිසුන්ව බිම ඇද වැටී තිබෙනවා.

ප්‍රදීපන් විනුජන් නැමති 25 හැවිරිදි මෙම තරුණයාට සිහිය ලැබී වට පිට බලන විට ඔහු යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ කාණුවක් අසල සිටින බව ඔහුට තේරුම් ගොස් ඇති අතර වහාම ඔහු වෙනත් ත්‍රී රෝද රථයකින් මනිපායී පොලිසිය වෙත පැමිණ පොලීසියට සිද්ධිය විස්තර කරමින් සිටියදී ඔහු යළිත් සිහිසුන්ව ඇද වැටී තිබෙනවා.

පොලිස් නිලධාරීන් වහාම ඔහුව ගිලන් රථයක ආධාරයෙන් යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වන අන්දමට ඔහු සිහිමද ගතියකින් තවමත් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි සඳහන් වන්නේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *