නීතිඥවරයෙකුට එරෙහි නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ එම නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිහිසුන්ව ඇද වැටී තිබෙනවා.
අභියාචනාදීකරණයේ ලේඛනාගාරයට ඇතුළු වී එහි තිබූ නඩු ගොනුවක තිබූ ලේඛන කීපයක් ලබාගෙන ඒවා විනාශ කළේ යැයි චෝදනා එල්ල වී සිටින නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අත්හිටුවා ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කර තිබෙනවා.
මෙම පැමිණිල්ල ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැඳවුවා.
කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඒ පිළිබඳ විභාගය ඔක්තෝබර් මස 30 වනදා පැවැත්වීමට දින නියම කළා.
නඩු විභාගය පැවති අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු වග උත්තරකාර නීතිඥවරයා “බුදු අම්මෝ” යනුවෙන් කෑගසමින් සිහිසුන්ව ඇද වැටී තිබෙනවා.
පසුව අධිකරණ ආරක්ෂක නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව රෝද පුටුවකින් ඒ මහතා පිටතට රැගෙන ගියා.