ධර්මාචාර්ය ගුරු පත්වීම් ලබාදීම ප්‍රමාද වන බව පවසමින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා.
ඔවුන් කීප දෙනෙකුට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග සාකච්ඡාවක් ලබාදීමත් සමග උද්ඝෝෂනය නතර කෙරුණා.
රජයේ පාසල්වල දැනටමත් ගුරුවරුන් ලෙස සේවය කරන සියලුම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සමතයකට පත් කෙරුණා. ජාතික පාසල් සදහා අවුරුදු 40ක සහ පළාත් පාසල් සදහා අවුරුදු 45ක උපරිම වයස් සීමාවකට යටත්ව අදාළ බදවාගැනීම් සිදුකිරීමට නියමිතයි.