හැටන් ප්‍රදේශයේ දමිළ පාසලක සේවය කළ ගුරුවරියකගේ සොරකම් කර රන් මාලය සහ තැල්ල උකස් කළ සැකකරුවන් දෙදෙනෙකක් අත්අඩංගුවට ගැනීමට හැටන් පොලීසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.
ඉකුත් (07) ගුරුවරිය සිය දරුවා සමඟ හැටන් නගරයේ ගමන් කරමින් සිටියදි ඇයගේ ගෙල බැඳී තැල්ල සහිත රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා රන් මාලය හැටන් දුම්රියපොල පිවිසුම් පාලම අසළදී ඇයගේ පිටුපසින් පැමිණි පුද්ගලයෙක් කඩාගෙන පලා ගොස් තිබුණා.
එම ගුරුවරිය විසින් හැටන් පොලීසියට කළ පැමිණිල්ලකට විමර්ශන ආරම්භ කළ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීන් රන් මාලය උකස් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින දෙකක් රඳවාගෙන සිදු කළ විමර්ශන වලින් අනතුරුවයි සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන්නේ.
රඳවා ගැනීමේ නියෝග මත හැටන් පොලීස් භාරයේ සිටි සැකකරුවන් දෙදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත (19) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන මස (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
පලාගොස් සැඟව සිටින ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇති අතර, සැකකරු මෙවැනි සොරකම් ගණනාවකට සම්බන්ධ සැකකරුවෙක් බවයි හැටන් පොලීසිය පවසන්නේ.