Sun. Jun 29th, 2025

ජනපති දළදා වඳී

Aug15,2024

ජනාධිපතිවරණය සඳහා අද (15) නාම යෝජනා පත්‍ර බාරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබුවා

අනතුරුව දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත පැමිණි ජනාධිපතිවරයා දළදා වහන්සේට පුෂ්පෝහාර දක්වා ආගමික වතාවත්වල නිරත වුණා

දළදා මාළිගාව වෙත පැමිණ සිටි ජනතාවගේ ද සුවදුක් විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත වූ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුහු සුභාශිංසන පළ කර තිබෙනවා.

අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත වුණා.

අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමි බැහැදැක පිළිසඳරක නිරත වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *