කොස්ගොඩ පොලිස් වසමේ, මහ ඉඳුරුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක අද (19) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා
ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක කොස්ගොඩ සිට පැමිණි දර පටවා ගත් ලොරි රථයක් මෙලෙස ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.
අනතුරින් ලොරි රථයේ පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගොස් ඇත්තේ අවුරුදු 55ක් වූ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
තුවාල ලැබූ අනෙක් පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය ද බරපතළ බව වාර්තා වනවා.