Sat. Jun 28th, 2025

‘කෘතීම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ’ නියමු ව්‍යාපෘතියක්

Aug22,2024

තෝරා ගත් පාසල් 100ක නියමු ව්‍යාපෘතියක් වශයෙන් 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන්ගේ සහභාගීත්වයෙන් ‘කෘතීම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ’ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දීයි.

අනාගත ගෝලීය ප්‍රවණතා සඳහා මුහුණ දිය හැකි පුරවැසියන් බිහි කිරීමත්, ආර්ථික සංවර්ධනයට ඵලදායි ලෙස ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමත් යන අරමුණු සාක්ෂාත් කර ගැනීම මෙහි අරමුණු කර ගනිමින් පාසල් සිසුන්ට කෘතීම බුද්ධිය ආශ්‍රිත අධ්‍යන කටයුතු වල නියැලීමට අවස්ථාව සැලසීම සුදුසු බවට හඳුනාගෙන තිබෙනවා.

ගෝලීය වශයෙන් වඩාත් දියුණු රටවල කෘතීම බුද්ධිය භාවිතා කෙරෙන නමුත් ශ්‍රී ලංකාවේ භාවිතා වන්නේ ඉතාම අවම මට්ටමකින් බවත් සඳහන් කළ අමාත්‍යවරයා මෙම ආරම්භ කිරීමට නියමු ව්‍යාපෘතියෙහි කාර්යය ඵල ඇගයීමෙන් අනතුරුව ලැබෙන ප්‍රතිඵල අනුව ඉදිරි වර්ෂ වල දී සියලු පාසල් වලට ව්‍යාප්ත කිරීමටත් හැකිවන බව ද වැඩිදුරටත් සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *