Sat. Jun 28th, 2025

උද්ධමනය ඉහළට

Aug21,2024

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය අද දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2024 ජූනි මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූලි මාසය සඳහා 2.5% ක් දක්වා වැඩි වී ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.

2024 ජූනි මාසයේ දී 1.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූලි මාසයේ දී 2.9% ක් දක්වා වැඩි වී තිබුණා.

එමෙන්ම, 2024 ජූනි මාසයේ දී 2.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූලි මාසයේ දී 2.2% ක් දක්වා අඩුවක්ද සිදු වූ බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *