ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ වැල්ලවාය තුනේ කණුව ප්රදේශයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදු වුණා.
භාණ්ඩ ප්රවාහනය කරමින් සිටි මෙම ලොරි රථයේ රියදුරුට නින්දයාම මෙම අනතුරට හේතුව බවයි පොලීසිය ප්රකාශ කලේ.
අනතුර නිසා ලොරි රථයට බරපතල අලාභහානි සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය පරික්ෂණ සිදු කරනවා.