හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් බෙලිඅත්ත ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පැවසුවේ මූල්‍ය අක්‍රමිකතා චෝදනාවක් යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි ප්‍රමාණවත් බව නීතිපති පවසනවා.