නව ජනාධිපති අනුර කුමාර දිසානායකට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඔහු විසින් නිකුත් කරන ලද සුබ පැතුම් පණිවිඩයේ මෙසේ සඳහන් වෙනවා.
“චීනය සහ ශ්‍රී ලංකාව සම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියෝ වෙති. අප දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කරගත් පසු ගත වූ වසර 67 තුළ දෙපාර්ශ්වයම එකිනෙකාට අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගය ලබාදෙමින් විවිධ ප්‍රමාණයේ මිත්‍රශීලී සහජීවනයන් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවන් පිළිබඳ කදිම ආදර්ශ සපයමින් සිටියි.
චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනය දෙපාර්ශ්වයටම ඉතා වැදගත් වන අතර අපගේ සාම්ප්‍රදායික මිත්‍රත්වය ඒකාබද්ධව ඉදිරියට ගෙනයෑමට, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමට සහ උසස් හා ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීමට ඔබ සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම්ව සිටිමි. අවංක අන්‍යෝන්‍ය සහාය සහ සදාකාලික මිත්‍රත්වය මත පදනම් වූ චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගිතායේ තිරසාර සහ ස්ථාවර වර්ධනයක් ප්‍රවර්ධනය කරමින් දෙරටට වැඩි ප්‍රතිලාභ ගෙන දීමට අපේක්ෂා කරමි.”