Sat. Jun 28th, 2025

ඉරාන උත්තරීතර නායකයාගේ X ගිණුම දවසින් ඉවතට

Oct28,2024 #iran #social media #violence #x

ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය වේදිකාවක් වන X (කළින් Twitter) ඉරාන උත්තරීතර නායක අලි කමේනිගේ හෙබ්‍රෙව් භාෂා ගිණුම විවෘත කර දිනකට පසු අත්හිටුවා තිබෙනවා.

කමේනිගේ @Khamenei_Heb ගිණුමේ සටහනක් පවසන්නේ X හි නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් එය අත්හිටුවා ඇති බවයි.

“සියොන්වාදී පාලනය වැරැද්දක් කළා. ඉරානය පිළිබඳ ඔවුන්ගේ ගණනය කිරීම් වැරදියි. ඉරාන ජාතියට කුමන ආකාරයේ ශක්තියක්, හැකියාවක්, මුලපිරීමක් සහ කැමැත්තක් තිබේද යන්න තේරුම් ගැනීමට අපි ඔවුන්ට ඉඩ සලස්වන්නෙමු.” යනුවෙන් කමේනි අදාළ සටහන මගින් ප්‍රකාශ කර තිබුණා.

මෙම ප්‍රකාශය “ප්‍රචණ්ඩ සහ ද්වේෂ සහගත අන්තර්ගත” තහනම් කරන සිය රීතිය අනුව ඉවත්කළ බව X සමාජ මාධ්‍ය වේදිකාව ප්‍රකාශ කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *