ගුවන් ගමනක් අතරතුර දී කාන්තාවකට අශෝභන ක්‍රියාවක් කළ බවට චෝදනා එල්ල වුණු ශ්‍රී ලාංකිකයෙකු Broadmeadows අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මගී කාන්තාවක් විසින් 41 වියැති මෙම සැකකරු තමාට අතවර කළ බවට ගුවන් යානයේ කාර්ය මණ්ඩලය වෙත පැමිණිලි කර ඇතැයි සඳහන්.
ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා මගීන් රැගෙන ගිය ගුවන් යානයකදී (AFP) මෙම සිදුවීම සිදුව ඇති අතර සැකකරු ඇප මත මුදා හැරීමට Broadmeadows අධිකරණය නියෝග කළා.
මෙම වරද ඔප්පු වුවහොත් සැකකරු වෙත වසර 7ක සිර දඬුවමක් පැනවෙනු ඇති.