ජනාධිපතිවරයා සිය ධුරයේ තව දුරටත් රැඳී සිටීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කරනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ මේ හේතුවෙන් 2022 වසරේ මැයි 09 වන දින මෙන් තවත් ප්‍රචණ්ඩකාරී සිදුවීම් රැසක් හට ගත හැකි බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එකතු කිරීමට ඇමරිකානු තානාපතිනිය ඇතුළු පාර්ශවයන් උත්සාහ දරන බවත් යම්කිසි හේතුවකට සජිත් ප්‍රේමදාස මහතා මේ සඳහා එකඟ වී නොමැති බවත් වීරවංශ පවසා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය සමඟි ජන බලවේගයෙන් ඉවත්වීම මෙන් තවත් කිහිප දෙනෙකු එලෙස ඉවත් වීමට නියමිත බවත් විමල් වීරවංශ මෙහිදී වැඩි දුරටත් මහතා පවසා තිබෙනවා.
තුන්වන පාර්ශ්වයක් විසින් මැතිවරණයට පෙර ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට කුමන්ත්‍රණය කරන බවත්, එමඟින් අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් විධිවිධාන යටතේ ධුරයේ රැඳී සිටීමට අවස්ථාව උදා විය හැකි බවත් මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.