Sun. Jun 29th, 2025

TEJC අඹ අපිට කන්න නැති වෙයිද?

Jul3,2024

TEJC අඹ ප්‍රභේදය සාමාන්‍ය වගාවක් වශයෙන් පවත්වාගෙන යාමත්, එම අඹ පැළ විශාල වශයෙන් ගෘහස්ථ පරිභෝජනය සඳහා වගා කිරීමට පියවර ගැනීමත් නිසා එම අඹ වගා කළ යුතු නිවැරදි ආකාරය ගොවි මහතුන් වෙතින් ගිළිහී යමින් තිබෙනවා.

දැනට වෙළෙඳපළේ අලෙවි කරන එම අඹ නිසි ප්‍රමිතියට වගා කළ ඒවා නොවන බව පෙනී යනවා.

අඹ ගෙඩිය මතුපිට දීප්තිමත් කහ වර්ණයක් දක්නට නොමැති අතර අඹ ගෙඩිය මතුපිට පුස් බැඳී ඇති බවක් දිස්වන බවද සඳහන්.

පරිභෝජනය සඳහා මෙම තත්ත්වය ගැටළුවක් නොවුනත්, අපනයනයේ දී නිසි ප්‍රමිතීන් අනුගමනය කළ යුතුව තිබෙනවා.

මේ නිසා මෙම අඹ ප්‍රභේදය සුලභවීම මත ඉදිරි කාලය තුළ අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ද, එසේ වුවහොත් දැනට මෙම අඹ අපනයනය මගින් රටට ලැබෙන ඉහළ ආදායම අහිමි විය හැකි යැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන TEJC අඹ ප්‍රභේදය තවදුරටත් වගා කිරීම අපනයනය බෝගයක් සේ සැළකිල්ලට ගනිමින් ව්‍යාප්ත කිරීමේ සැළසුමක් සකසන්නැයි අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා.

එමෙන්ම දැනට අප රටේ TEJC අඹ ප්‍රභේදය වගා කර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණ දැයි වාර්තාවක් සකසන ලෙසත්, අවශ්‍යතාවය අනුව එම ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ නම් මින් ඉදිරියට TEJC අඹ ප්‍රභේදය වගා කිරීමේ දී වෙළෙඳපල අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් ව්‍යාප්ති කටයුතු සිදු කරන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *