Fri. Jun 27th, 2025

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100 ක් වෙයිද?

Jun19,2024

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පවසනවා.

ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔහු සදහන් කළා.

2022 වන තෙක් රුපියල් 15ක්ව පැවති මුද්දරයක අවම මිල මේ වනවිට රුපියල් 50ක් වෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බවයි අනූෂ මහතා පෙන්වාදෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *