මෙවර ජනාධිපතිවරණයේදී රනිල්ගේ ඡන්දය ද අනුර කුමාර දිසානායකට දේවිදැයි සැකයක් පවතින බව සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක එස්. එම් මරික්කාර් පැවසුවා.
ඔහු එලෙස පැවසුවේ ඊයේ (10) කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේ දී.
රනිල්ගේ ඡන්දය අනුරට දුන්න ද රටේ බහුතර ජනතාවකගේ ඡන්දය සජිත්ට ලැබෙන බව විශ්වාස බවයි ඔහු ප්‍රකාශ කළේ.
සජබ ආණ්ඩුව ආරම්භ කළ වහාම වාහන ආනයනය අරඹන බවත් මිනිස්සුන්ගෙන් සාධාරණව අය කෙරෙන බදු මුදලට, නැවත සාධාරණ ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බවත් මන්ත්‍රිවරයා එම මාධ්‍ය හමුවේ දී පැවසුවා.
එමෙන් ම අයවැය පරතරය, බදු ආදායම සහ ඩොලර් ඉපැයීම ඔස්සේ සැකසූ සජබ ආර්ථික සැලසුම සූදානම් කර ඇති බවත්, එය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදන බව ද ඔහු පෙන්වා දුන්නා.