ඉන්ධන මිල සූත්‍රය අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ දී තෙල් මිල සංශෝධනයක් සිදු කිරීමට නියමිත වෙනවා. කෙසේ වෙතත් නව රජය බලයට පත් වූ දා පටන් සැලකිය යුතු ඉන්ධන මිල අඩුවීමක් සිදු වූයේ නැහැ. විපක්ෂයේ සිටියදී ඉන්ධන බදු ගැන චෝදනා කළ ආණ්ඩුව අවම වශයෙන් රුපියල් 50කින් හෝ ඉන්ධන මිල අඩු කළ යුතු බවට විපක්ෂය චෝදනා නැගුවා.
ලෝක වෙළෙඳපොලේ තෙල් මිල සැලකිය යුතු උච්චාවචනයක් සිදු නොවුවද මෙරට ඉන්ධන ලීටරයක් වෙනුවෙන් පණවා ඇති බදු නිසාවෙන් ඛනිජ තෙල් සංස්ථාව ලාබ ලැබූ බවයි පසුගිය දිනවල වාර්තා වූයේ.
තෝරාගත් ජනතා කණ්ඩායම්වලට සහන සැලසීමට වඩා ඉන්ධන මිල අඩු කිරීමෙන් රටේම ජනතාවට සහනයක් සැලසෙන බවයි ජනතාව පවසන්නේ.