රාජපක්ෂ ආණ්ඩුව සමයේ මහ බැංකු අධිපති ධුරය සඳහා අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීම සුදුසු නොවන බව තමා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට ප්‍රකාශ කළ බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කරනවා.
නමුත් කබ්රාල්ට එම ධුරය ලබා දිය යුතු බවට හිටපු ජනාධිපතිවරයා දැඩි තීරණයට සිටි බව ද විජයදාස වැඩි දුරටත් ප්‍රකාශ කළා.
“2006 අප්‍රේල් මාසේ මහින්ද රාජපක්ෂ මහත්තයා නිවාඩ් කබ්රාල්ව මහ බැකුවේ අධිපති කරන්න යන කාලේ මම මේ රටේ රාජ්‍ය බැංකු සංවර්ධන ඇමති. මං එතුමට ඉල්ලීමක් කළා මේ පත්වීම කරන්න එපා, ඔහුට මහ බැංකුවක් ගෙනියන්න තරම් සුදුසුකමක් නෑ. අනිත් එක ඔහු දූෂිතයි කියලා මම සාක්ෂි ඇතුව කිව්වා. නමුත් මහින්ද රාජපක්ෂ මත්තයා දැඩි තීරණයක හිටියා ඔහුට දෙනවා කියලා. ඔහුට අධිපතිකම දෙනවා න්ම මම බැංකු ඇමතිකමෙන් අස් වෙනවා කියලා, ඒ වගේම ඔහුට එය දෙන්නට කලින් මම ඉල්ලා අස් වුණා.” යැයි ජනමාධ්යවේදීන හමුවෙ ඔහු ප්‍රකාශ කළා.