හබරණ, පලුගස්වැව ප්‍රදේශයේ දී ඊයේ (26) ස්වාමිපුරුෂයා විසින් කාන්තාවකට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පහරදීමෙන් පසු ඇයව හබරණ රෝහලට ඇතුලත් කිරීමේදී මෙසේ මියගොස් ඇති බව හබරණ පොලිසිය පවසනවා.
එලෙස මියගොස් ඇත්තේ, එප්පාවල, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්.
මියගිය කාන්තාව සහ ඇගේ ස්වාමිපුරුෂයා අතර ඇතිවූ පවුල් ආරවුලක් දුරදිග යාම මත ඝාතනය සිදුකර ඇති බව පොලීසිය දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
ඝාතනය සිදුකළ අවුරුදු 66ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හබරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.