ජනාධිපතිවරයා BRICS සමුළුවට සහභාගී නොවන්නේ කිසියම් විදේශීය බලවේගයක බලපෑම් හේතුවෙන්දැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අද පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් විමසා සිටියා.
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව (BRICS) සමුළුවට සහභාගි නොවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් තීරණය කර ඇත්තේ ඇයිදැයි හිටපු මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රශ්න කළා.
ඔහු වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළා.
“ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කර ඇති බව සඳහන් කිරීම ගැන අපි සතුටු වෙනවා. කෙසේ වෙතත්, ජනාධිපති දිසානායක සහ විදේශ අමාත්‍ය හේරත් යන දෙදෙනාම සමුළුවට සහභාගී නොවීම කණගාටුවට කරුණක්. රාජ්‍ය නායකයන් වැදගත් සමුළු සඳහා සහභාගී විය යුතුයි. ශ්‍රී ලංකාවට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යයි.”
ජනාධිපතිවරයා පත් වීමෙන් පසු මෙරට රුසියානු තානාපතිවරයා හමු මූ අවස්ථාවේ BRICS සමුළුවට සහභාගී වන ලෙස රුසියානු ජනාධිපතිවරයා අනුර කුමාර ජනාධිපතිවරයාට ආරාධනා කළ බව ද වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය සඳහා අයැදුම් කර ඇති නමුත් ඉදිරි මැතිවරණ කටයුතු හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගී නොවන බව පසුගියදා ආණ්ඩු පාර්ශ්වයෙන් ප්‍රකාශ කෙරුණා.